Saturday, April 2, 2016

පිණි

පිණි බිංදු කැමති නෑ
හදවතක් රිද්දන්න.
'ටික්' සද්දෙ පොඩි උනත්
මහ බරක් හදවතට.
ඔය හින්දමයි සොදුර
පිණි කැමති තැවරෙන්න.
හදවතේ ගැඹුරු තැන්
හීනියට පාරන්න..
.
#_අනුsh_
#මිni

Thursday, March 31, 2016

රිදුනු තැන් පිරිමදිමි

රිදුනු තැන් පිරිමදිමි
............................................

පාළු ගොම්මන් රෑක
වේලිච්ච කර කැස්ස
ඇහැරද්දි නිදි මාව
නුඹේ මහනෙල් සුවඳ
යලි යලිත් සිහිකරමි..
.
ඉතින් නුඹ සතුටින්ද
හුගක් දුර ගෙනිහින්ද
ඇසක් අඩවන් කර
මතක පොත පෙරලමි..
.
තිතක් වන් කදු මුදුනෙ
සුළඟටම ගී කියන
"හුදෙකලාවේ රැජිණ"
දෑතින්ම වැළදගමි..
වැළදගෙන සිපගනිමි..
.
කාටවත් නොකී ඒ
අපේ පෙම්වත් පුවත
තද සුදෙන් හිනා වෙන
අන්න අර තනි තරුව
දෙස බලා මුමුණමි
කෙවෙනි අග පිසලමි..
.
දිගින් පළලින් සමව
හිත රිදෙන හැම විටම
තෙතින් බර සුසුම් පොද
හෙමි හෙමින් පිටකරමි..
.
#_අනුsh_

Wednesday, March 30, 2016

හදවත

වටපිට බලන හැමවිට
ගුටි කන්නටම නියමිත
හදවත..
සේයා රෑ පෙලක් ගයි
දිගටම.
ඉකියකට
හේතුවක් හොයන හවසක..
.
#_අනුsh_

Sunday, March 27, 2016

වාසනාවේ සුගන්දි

වාසනාවේ සුගන්දී....
..

වාසනාවට පාර කියන්නට
නුඹේ කටහඩ වෙහෙසුනා
හංදියේ මදටිය හෙවනේ නුඹෙ
මන්දිරේ පොඩි ඉදිවුනා..
..

විස්සෙ කොලයට පාරෙ යන එන
ඇත්තො ඉද හිට නැවතුනා
නුඹේ දුක් නෙත් බලන්නටනම්
නිතර උන් හට බැරි වුණා..
..
පුංචි දෝණිගෙ අදත් මැසිවිලි
පංතියේ කොන හිමිවෙලා
අහිමි කරලා ඈට නිසි තැන
සපත්තුව ඉස්සර වෙලා..
..

දසත හඬගා හිනා මූණෙන්
වාසනාව ගැන මොර දෙනා
නැගණියේ නුඹෙ හිතේ දහදුක්
නිතර මා වෙත වදදෙනා..
..

#_අනුsh_

රෝස

නටුවෙ කට්ටක්
තිබ්බ පලියට
නපුරුකම් නැත
රෝස මල් ළඟ
සනුහරෙ ඇති
කිසිදු මලකට
.
#_අනුsh_
#මිni

මුහුද

හිතන්න,
කප්පරක් දේ ඇතිකොට
මුහුද එන්නේම
වෙරළට..
සිප්පි කටු හෙම අරගෙන
අහිමි සොදුරිය
වැළදගන්නට.
.
#_අනුsh_
#මිni

රහ ජීවිතේ

රහ ජීවිතේ...

උපන්දා සිට
'සූකිරි' පමණක් කෑ එකෙක්
ජීවිතේ
'පැනි රසයි' කීය.
අහම්බෙන් බෙහෙත් පෙත්තක්
හැපූ එකෙක් කීවේ
ජීවිතේ
'තිත්ත' බවය...
නමුත්
උන් දෙදෙනාටම
වැරදී තිබිණ..
බොහෝ කලකට පෙර
'නෙල්ලි' ගෙඩියක්
කෑ එකෙක්
ජීවිතේ
'නියම රස'
වටහාගෙන තිබිණ...

#_අනුsh_